spot_img
spot_img

තරුෂිට – නදීෂාට ඔලිම්පික් වරම්

පැරිස් ඔලිම්පික් උළෙල (2024) මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ තහවුරු කර ගැනීමට මීටර් 800 ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ ( 2) සමත් වූහ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය එය තහවුරු කර සිටියේය.ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීමට එහිදී සමත්වීම කැපී පෙණුනි.

ඒ අනුව එම ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව පැරිස් ඔලිම්පික් උළෙල සදහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා අතරින් නදීෂා දිල්හානි ලේකම්ගේ 26 වැනි ස්ථානයටද මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවන් 45 දෙනා අතරින් 45 ( අවසන්) ස්ථානයටද පත්වෙමින් එම අවස්ථාව හීමි කර ගත්හ.

ජූලි 26 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වන 33 ,වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් පිරිමි ඉසව් වෙතින් ක්‍රීඩකයෙකු නිර්දේශ කර ගැනීමේ අවස්ථාව සැළසී තිබේ.එම අවස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන දර්ශන අබේකෝන්ට හිමිව තිබේ.

එම අවස්ථාව ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අරුණ දර්ශන හිමි කර ගැනීමට අපොහොසත් වුවහොත් පමණක් මිටර් 100 (පිරිමි) ඉසව්වෙන් සුදුසුකම් නොළත් පංගු ක්‍රමය (වයිල්ඩ් කාඩ්) යටතේ යුපුන් අබේකෝන්ට හිමි වීමට නියමිතය.

කෙසේවුවත් මේ වන විට ඉතාලියේ සිට දිවයිනට පැමිණ සිටින යුපුන් පාදයක මස් පිඩු ආබාධයකින් පසු වන බැවින් ඔහුට පැරිස් ඔලිම්පික් සහභාගිත්වය තහවුරු කර ගැනීම සදහා ශාරීරික යෝග්‍යතා පරික්ෂණයකට පෙනී සිටීමට සිදුව තිබේ.

මේ වනවිට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා හැරෙන්නට පැරිස් ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පමණි.

————————————-

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...