නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑළිය නගරයේ ඔසුසැල් වලින් අධි මාත්‍රා ඖෂධ ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම රෝහලේ හෙද සහයකයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය පවසනවා.
එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගේ නිල මුද්‍රාව සහ වාට්ටුවේ නිල මුද්‍රාව නොමැති බවට එම වෛද්‍යවරුන් දෙදෙනා විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඒ අනුව, ලද පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොලීසිය පවසනවා.
Comments




