spot_img
spot_img

ඇමැතිට එරෙහි වු ප්‍රාදේශීය ලේකම්වරියට නඩු

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.

යම් මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ 26(1) (ආ) වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුව වරප්‍රසාද කමිටුව මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වනවා.

ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පරීක්ෂණයෙන් පසු සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට පසුගිය මස 6 වැනිදා ඉදිරිපත් කළා.

මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ ක්‍රියා කලාපය ගැන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පසුගිය පෙබරවාරි මස 9 වැනිදා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබුණා.

උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් අත්පත් කරගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් ඉදිකිරීම් කරමින් ඉන් ලබන ආදායම පෞද්ගලික පරිහරණය කළ අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ජයරත්න මහත්මිය විසින් පසුගිය ජනවාරි මාසයේදි නිත්‍යානුකූල පියවර ගනු ලැබුවා.

පසුව දිලුක්ෂි ජයරත්න මහත්මියට පරිපාලන අමාත්‍යංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ද ලබා දුන් නමුත් නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පසුගිය පෙබරවාරි මාසයේ යළි උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...