spot_img
spot_img

කැරම් බෝඩ් නඩුවට අදාළ නියෝගයක් 09 වනදා

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 53කට ආසන්න වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා දාම් බෝඩ් සතොස ආයතනය හරහා මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව අද (01) අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...