spot_img
spot_img

සංජය මහවත්ත රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

සාධාරණ හේතුවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කිරීම ,අසත්‍ය තොරතුරු එල්ල කරමින් රහස් පොලිස් නිලධාරීන්ට බාධා කිරීම,අධිකරණයට හෝ පොලිසියට පදිංචි ස්ථීර ලිපිනයක් ලබාදීමට අපොහොසත් වීම සහ අධිකරණයක් මගින් වරින්තු ලද පුද්ගලයකු වීම හේතුවෙන් සැකකරුට ඇප ලබා දිම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා ලබන පළවෙනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරියට නියෝග කරමින් දන්වා සිටියේය.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...