පියුමි හංසමාලි මහත්මියගේ රූපලාවන්‍ය ආලේපන බෙදා හරින ලද කුරියර් සේවා සමාගමේ නිලධාරින් 04 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ, නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඒ අතර කුරියර් සමාගමේ ප්‍රධානියාද වන බවයි
අද දිනයේ නැවත ඔවුන් 04 දෙනාට ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
නියෝජ්‍ය පොලිස්පති, නිහල් තල්දුව මහතා සඳහන් කළේ, පියුමි හංසමාලිගෙන් ඉදිරි දිනක ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවයි.




