spot_img
spot_img

පොහොට්ටුවේ මන්ත්‍රීලා 21ක් විශේෂ දීමනාවක් අරන්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

එම පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බව දැනගන්නට ඇත. ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තොරතුරක් තමාටද ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන යන බවයි. (ලංකාදීප)

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...