spot_img
spot_img

මියගිය නාවික සෙබළාට උසස් වීමක්

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදා සෙබළෙකු ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළවලට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ධීවරයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නාවික හමුදාව පවසනවා.

පසුගිය 25 වනදා යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම යාමේදී ඉන්දීය ධීවර යාත්‍රාව කලහකාරී ලෙස හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යේෂ්ඨ නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබූ අතර, ඔවුන්ට එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකිරීම, නාවික හමුදා නිලධාරියෙක් ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට යාපනය – මල්ලාකම් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව සඳහන් වනවා.

ජීවිතක්ෂයට පත් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර, එම මරණය හදිසි මරණයක් බවත්, මරණයට හේතුව කශේරුකාවට හානි සිදුවීම බවත්, නිගමනය කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

මියගිය නාවිකයාගේ දේහය ඊයේ (26) අලුයම ඥාතීන් වෙත භාරදී ඇති අතර, අවසන් කටයුතු අද (27) ඉබ්බාගමුව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව සිදුකිරීමට නියමිතව තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ, අදාළ සිද්ධියෙන් මියගිය ජ්‍යේෂ්ඨ නාවිකයා සමූහ ප්‍රධාන සුළු නිලධාරී තනතුරට උසස් කිරීමට ද නාවික හමුදා පතිවරයා කටයුතු කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...