spot_img
spot_img

පිටිපන ඉඩමක් ලංවිමට

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

විද්‍යා හා තාක්ෂණ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලිබල අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රිඩ් උපපොළක් ඉදි කිරීම සඳහා හෝමාගම, පිටිපන පිහිටි මාහේනවත්ත නැමති ඉඩමෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති අක්කර 02 රූඪ 03 පර්වස් 15.41ක ඉඩම් කොටස රජයේ ප්‍රධාන තක්සේරු කරුගේ තක්සේරුව මත ලංකා විදුලිබල මණ්ඩලය වෙත වසර 30 ක කාලයක් සඳහා බදු පදනම මත ලබාදීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...