spot_img
spot_img

ගන්දර තොටුපොළ ධීවර වරායක් වෙයි

ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ගන්දර ධීවර තොටුපොළ පවතින ස්ථානයේ ධීවර වරායක් ඉදිකිරීම සඳහා 2019 ජූලි මස 07 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.

මෙම ව්‍යාපෘතිය 2023 දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබු නමුත් කෝවිඩ් 19 වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අපේක්ෂිත පරිදි ඉටු කිරීමට නොහැකි වී තිබෙන බව රජය පවසනවා.

ඒ අනුව, ව්‍යාපෘතියට අදාල ගොඩබිම ඉදිකිරීම් ද ඇතුළුව සියලු වැඩ නිම කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘතියෙහි කාලසීමාව 2023 දෙසැම්බර් මස සිට 2026 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමටත්, මිල විචලනයන් මත පදනම්ව මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමටත් ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...