spot_img
spot_img

කොළඹ – කොටුව අවහිරවෙයි

කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.

ඒ ගුරු – විදුහල්පති විරෝධතාවය හේතුවෙන්.

මේ අතර කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විරෝධතාවයට එක්වන පිරිසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර තිබුණා.

මේ අතර නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකම ට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බව ද එම අධිකරණ නියෝගයේ සඳහන්ය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...