spot_img
spot_img

වාහන පාක් බදු අරන් කෝටි 26ක් පොලු තියලා

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කරනවා.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන 2023 වසර සඳහා රුපියල් කෝටි 20කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර තිබියදී 2024 වසර සඳහාද එම රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට එම ආයතනවලට අවසර දී ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් සඳහන්කළා.
කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26ක් එලෙස බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව වගුවක ආකාරයෙන් තොරතුරු දක්වමින් අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතාට දැනුම් දී තිබෙනවා.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන පිළිබඳව හා එම ආයතනයන් 2023 වසර අවසානය වන විට සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණයන් කොපමණද? යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයතිලක මහත්මියගෙන් කළ විමසීකට පිළිතුරු දෙමින් ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා ඒ බව දැනුම් දී තිබෙනවා.

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති ආයතන 26 විසින් 2023 වසර අවසානය වන විට රුපියල් 204164119/-ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් 264859471/-ක බදු මුදල් ගෙවීම පැහැර ඇති බව සඳහන් කරන ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා 2023 වසර අවසානය වන බදු මුදල් ගෙවීම පැහැර ඇති අදාළ ආයතන වෙතම 2024 වර්ෂය සඳහාද රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට අවසර දී ඇති බව අනාවරණය කොට ඇත.

වයබ ඔබත් කොලබ ගිහින් වාහන නතර කරනවානම් අදාළ ස්ථානයේ ඇති පුද්ගලයාගෙන් ටිකට් පත අනිවාර්යෙන්ම ඉල්ලා සිටින්න අමතක කරන්න එපා.

ඒ විතරක් නෙවෙයි, ලබාදෙන ටිකට් පතේ නිවැරදි බාවයත් ඔබ අනිවාර්යෙන්ම පරික්ෂ කර බලන්න.

ඔබ වියදම් කරන මුදලෙන් රුපියල හෝ වේවා නිවැරදි ලෙස ආණ්ඩුවට බදු ලබාදී ඔබේ වගකීම ඉටුකර වගකිවයුතු පුරවැසියෙක් වෙන්න අමතක කරන්නත් එපා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...