spot_img
spot_img

පිරිවෙන් ඩිජිටල් වෙයි

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි, ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමට හැකි වනු ඇතැයි රජය පවසනවා.

ඒ අනුව එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක් ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර...

අග්බෝ ඇතු සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා...

බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ...

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ...