spot_img
spot_img

රනිල්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා නව පක්ෂ කාර්යාලයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කේන්ද්‍රකරගනිමින් එක්සත් ජාතික පක්ෂ බෝපිටිය පක්ෂ කාර්යාලය විවෘත කිරීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණා.
ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක නීතීඥ ගරු අකිල විරාජ කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.
එක්සත් ජාතික පක්ෂ කටුගම්පල ආසනයේ කලාප සංවිධායක, හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී අසංග පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටදී මෙම සුවිශේෂී පක්ෂ කාර්යාලය පිහිටවූ අතර මේ සදහා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව විශාල පිරිසක් පැමිණ සිටියා.
මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රනය කළ එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුල රට බංකොලොත් භාවයෙන් නිදහස්ව ඇති බවට ප්‍රකාශකිරීමෙන් පසු ජනාධිපති සටනට සියල්ල සුදානම් බවයි.
මිට අමතරව උත්සව සභාව ඇමතු අසංග පෙරේරා මහතා පැමිණ සිටි පිරිස දැනුම්වත් කරමින් සදහන් කළේ අනෙක් සියලු පක්ෂ වල පාක්ෂිකයින් මෙන්ම සංවිධායකයින් සහ දේශපාලක්ඥයින් රැසක් එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැදගැනීමට සාකච්චා පවත්වා අවසන් බවයි.
මෙහිදී ඉතාමත් සුවිශේෂී සිදුවීමක් සිදුවුණා.
ඒ කටුගම්පල ආසනයේ පන්නල කොට්ඨාසයේ ප්‍රබල NPP සාමාජිකයෙක් වන සිසිර සේනාරත්න මහතා ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂ උපනායක නීතීඥ ගරු අකිල විරාජ කාරියවසම් මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමයි.
ඒ මහතා මෙලෙස එජාප සමාජිකත්වය ලබාගත්තේ කටුගම්පල ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත්ත කරන අවස්ථාවේදීයි .
කටුගම්පල ආසනයේ කලාප සංවිධායක, තුෂාර සම්පත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී මෙම අවස්ථාවේදී තුෂාර සම්පත් මහතා උත්සව සභාව අමතමින් පැවසුවේ තවත් විශාල පිරිසක් ඉදරි දින කිහිපයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට සිටින බවයි.

මේ අතර 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ඒ මෙරට පැවති පෝලිම් යුගය අවසන් කරමින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් තොර රටක් බවට වන ප්‍රකාශයයි.
ඉන් අනතුරුව රට බංකොලොත් භාවයෙන් මුදවාගත් නායකයා යනුවෙන් සිය තේමා පාඨය ලෙස යොදාගනිමින් පුළුල් සන්ධානයක් ඔස්සේ ජනාධිපති සටනට අවතීරණය වනබවට දේශපාලන විචාරකයින් මත පලකරනවා.

ඉන් පසුව සති දෙකක පමණ කාලයක් රට බංකොලොත් භාවයෙන් මුදවාගත් නායකයා යනුවෙන් පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් රට පුරා ප්‍රධාන මාධ්‍යයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද සිදුකිරීමට නියමිත බවටයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...