spot_img
spot_img

කැන්ගරුවන් පරදා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද (23) සමත්විය.

ඒ එම තරගය ලකුණු 21කින් ජය ගනිමිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස්කළේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම එහිදී අර්ධ ශතක ලබාගැනීම විශේෂත්වයකි.

රමනුල්ලා ගුර්බාස් ලකුණු 60 (පන්දු 49) සහ ඊබ්‍රාහිම් සඩ්රාන් (ලකුණු 51) රැස්කළහ.

පන්දු යැවීමෙන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමින්ස් ලකුණු 28කට කඩුලු 3යි. එය මෙම ලෝක කුසලාන තරගාවලියේ කමින්ස් ලබාගත් දෙවැනි හැට්ට්‍රික් එක ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ලකුණු 149ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි තර්ජනයකි.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 19.2 කදී සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 127ක් පමණි.

ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 59යි.

නවීන් උල්හක් (3/20) සහ ගුල්බඩීන් නයිබ් (4/20) කඩුලු 7ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ගෙන ගියහ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...