spot_img
spot_img

අරුන් සිද්ධාර්ත් ට මව්බිම ජනතා පක්ෂයේ තනතුරක්

මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස අරුන් සිද්ධාර්ත් මහතාව පත්කර තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක, දිලිත් ජයවීර මහතා විසින් අදාළ පත්වීම සිදුකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කර සිටියේ, ලංකාව ප්‍රගතිශීලි රටක් ලෙස ඉදිරියට ගෙන යෑමට අරුන් සිද්ධාර්ත් මහතා විසින් විශාල සේවයක් කරනු ඇති බවය.

විශේෂයෙන්ම සියලුදෙනා එකමුතු විය යුතු යැයි පවසන ශ්‍රී ලාංකිකත්වය තුළ ඔහු විශාල හඬක් නඟනු ඇතැයි තම බලාපොරොත්තුව බව ද දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.

මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් අරුන් සිද්ධාර්ත් මහතා පවසා සිටියේ, මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ තමා ස්තූතිවන්ත වන බවය.

“මම හැමදාම කරපු ජාතිකවාද මතවාද, ශ්‍රී ලාංකිකයෙක් විදියට හැමදාම මේ රටට මට තියෙනවා ණයක්. මම දෙමළ වෙන්න පුළුවන් තව කෙනෙක් මුස්ලිම් වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මේක මගේ රට. මේ රට තමා මට අධ්‍යාපනය දුන්නේ. මේ රට තමා මට හැමදේම දුන්නේ. ඉතිං මේ රටට මට ණයක් තියෙනවා. ඉතිං මගේ මතවාදයට ගැලපෙන කඳවුරක් තමා මම බලාගෙන හිටියේ. ඉතිං මේ කඳවුර මම තෝරාගත්තා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...