spot_img
spot_img

සිසුවියක් සමූහ දූෂණයට ලක් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ ලෙස දූෂණයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරු පැදියෙන් පැමිණි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල පොලිසිය සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි මොහු නවගමුව – දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බ්වයි වර්තා වන්නේ.

සෙසු සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළා.

ඊයේ සිය පෙම්වතා හමු වී නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් ඇයව එහි නංවා ගෙන ගොස් ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුළදී තවත් පුද්ගලයන් හතර දෙනෙකු ද එක්ව අතවර කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...