spot_img
spot_img

2025 දී එන දේපොළ බද්ද මෙන්න

දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 වසරේ පළමු කාර්තුවෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම බද්ද හරහා සියයට 90ක් වූ ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවයි.

“මේක මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන බද්දක් නෙමෙයි. 2025 පළමු කාර්තුවෙන් පසුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඉතාම ධනවත් පිරිස මුළු සමාජයෙන් 10%ක් විතර. මෙම බද්දට මුහුණදෙන්න වෙන්නේ ඒ පිරිසට. 90%කට ජනතාවට තියෙන්නේ අය වෙන බද්දෙන් ලැබෙන ප්‍රතිලාභ. ඔවුන්ට වක්‍ර බදු ලෙස ගෙවන්න තිබුණ බදු ප්‍රමාණය අනාගතයේ දී අපිට අඩු කරන්න පුළුවන්. අනිත් 10% ගත්තත් ඔවුන්ට තියෙන පළමු වත්කමින් අය කිරීම වෙන්නේ නෑ. අනිත් වත්කම්වලින් සුළු ප්‍රතිශතයක් තමා රාජ්‍ය ආදායමට දායක වෙන්නේ. ඔවුන්ට දරාගන්න බැරි යෝජනාවක් අපි ගෙන එන්නේ නෑ. 90%ක ජනතාවට ප්‍රතිලාභ විතරයි. ගෙවීමට සිදුවන අයට මේකෙන් දීර්ඝකාලීනව යහපතක් සිදුවෙනවා. මේක වක්‍ර බද්දක් නෙමෙයි. මේක කාටවත් මාරු කරන්න බෑ. ගෙවන කෙනා දරාගත යුතුයි. ඒ නිසා මේක අවසානය එන්නේ පුංචි මිනිහාට කියනවා නම් ඒක වැරදියි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...