spot_img
spot_img

මෛත්‍රීගේ ප්‍රකාශයට කාදිනල් හිමිගෙන් සැර පිළිතුරක්

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලැබුණු මුදල් වියදම් වූ ආකාරය පිළිබඳ සියලු සංඛ්‍යා ලේඛන තමන් සතුව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, අදාළ මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන්,

“සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගතයි. වැරදියි. එතුමාට යුතුකමක් තියෙනවා එහෙම දෙයක් කියන්න කලින් අදාළ පාර්ශවයෙන් අහලා බලන්න මොකද්ද වුණේ කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ, ජාත්‍යන්තර වශයෙන් සහ ශ්‍රී ලංකාවෙනුත් උදව් ඉල්ලුවා මේ ජනතාවගේ අවශ්‍යතා බලාගන්න. මේ ජනතාවගේ විවිධ අවශ්‍යතා තිබුණා. ඒ අයට වෛද්‍ය ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෞද්ගලික ආරෝග්‍යශාලාවලට යවලා ඒවාවල වියදම් දැරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ අයගේ අනාථ වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහනක අවශ්‍යතාව තිබුණා. එලෙස විවිධ කේෂ්ත්‍රවලින් ඒ අයට උදව් අවශ්‍ය වෙලා තිබුණා අපෙන් ඒ වෙලාවේ. අපි එකතු කරපු මුදල් රු මිලියන 500 ගණනක් මට හරියටම කියන්න බෑ මෙහෙම, දත්ත අපේ ළඟ තියෙනවා. ඕනෑම වේලාවක ඒවා පරීක්ෂා කරන්න පුළුවන්. විගණන වාර්තා සකස් කරලා අපි නඩත්තු කරනවා බැංකු ගිණුම්වලින්. ඒ වලින් රු මිලියන 500න් මිලියන 460ක් පමණ අපි මේ වෙනකොට බෙදලා තියෙනවා ඒ ජනතාව. හරිම අවාසනාවන්තයි එවැනි කතාවක් කියන්න කලින් අඩුම තරමින් අහලා බැලුවා නම් කාගෙන් හරි එතුමාට තොරතුරු දැනගන්න පුළුවන්කම තිබුණා ඕනෑතරම්. එතුමා ආවේගශීලිව කරුණු විග්‍රහ කරන්නේ නැතුව හිතට එන පළියට කියාපු වචනයක් විදියට තමා මම ඒක දකින්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...