spot_img
spot_img

විශේෂ ප්‍රකාශයකින් පසු ජනපති රනිල් කෙලින්ම ජනපති සටනට

හිතුවාටත් වඩා කලින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තන්තිරිමලයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විවෘත කරමින් ඊයේ සදහන් කළා.

ඒ වෙනුවෙන් පහළ මල්වතු ඔය ජලාශයේ සියලු වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා කඩිනමින් මුදල් ලබා දෙන බව කී ජනාධිපතිවරයා රට බංකොලොත් බවින් මුදා ගැනීමට මහා මෙහෙවරක් කළ ගොවි ජනතාව කිසිවිටක අමතක කරන්නේ නැති බව සඳහන් කළා.

දේශපාලන විචාරකයින් සහ තතු දත් ආරංචි මාර්ග අවලට අනුව ඉදිරි දින කිහිපය තුලදී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටනට එළබෙන බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව රට බංකොලොත් බවයෙන් නිදහස් කරගත් නායකයා ලෙස හුවා දක්වමින් සති දෙකක පමණ කාලයක් ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය වලද ඉතා පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක් සිදුකිරීමෙන් අනතුරුව ජනපති රනිල් ජනපති සටනට අවතීරණ වෙනු ඇති බවටයි දේශපාලන විචාරකයින් මත පළකරන්නේ.

තන්තිරිමලයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විවෘත කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද සදහන් කළා.

මම කීප වතාවක් අන්තිරිමලයට පැමිණ තිබෙනවා.අගමැති ලෙසත් විවිධ අවස්ථාවලදී ලැබුණු ආරාධනා පරිදි මා මෙහි පැමිණ තිබෙනවා. ජනපති ලෙස මට ආරාධනා කළ විට යුතුකමක් ලෙස මා මෙහි පැමිණියා.

ලාංකිකයන් ලෙස බෞද්ධයන්ට වැදගත් උත්සව දෙකක් තිබෙනවා.පළමුවැන්න වෙසක් උත්සවයයි.වෙසක් පොහොය දිනය මුළු ලොවම සමරනවා. එය ලෝකයට අයත් ලෝකය විසින් ගරු කරන දිනයක්. ලාංකිකයන්ට විශේෂම පොහොය වන්නේ පොසොන් පොහොයයි.ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ නොපැමිණියා නම් මහා විහාරය බිහිවන්නේ නැහැ. අපේ ත්‍රිපිටකය ආරක්ෂාවන්නේ නැහැ.එසේ නම් මෙහි ථෙරවාද බුද්ධාගම නැතිවෙනවා.ඒ නිසා අපට මේ උත්සවය විශිෂ්ටයි.

ථෙරවාද බුදු දහම ආරක්‍ෂා නොවුනා නම් මියන්මාරයට, තායිලන්තයට, කාන්බෝජයට, ලාඕසයට, වියට්නාමයට,බුදුදහම ලබාගන්නට බැරිවෙනවා.

ඒ නිසා මේ උත්සව දෙකම අප ඉතා උසස් මට්ටමින් සිදු සිදුකරනවා. පළමු කාරණය තිබෙන්නේ අධ්‍යාත්මික අංශයයි.අපගේ අධ්‍යාත්මික වැඩ කටයුතු කළ යුතුයි. බුද්ධ ධර්මය කියන්නේ අපගේ උත්සව නොවේ. හැමදාම බුදුන් වහන්සේගේ ධර්මය අනුව අපගේ ජීවිත සකස් කර ගත්තා. ප්‍රධාන වශයෙන් දන්සල් හැම තැනම තිබෙන අයුරු අපට දැක ගන්න පුළුවන්. එමෙන්ම වෙසක් උත්සව සමයේත් විශාල දන්සල් ප්‍රමාණයක් තිබුණා. මේවා දුටු විට මේ රට බංකොලොත් වෙලා තිබුණාද කියලා අපට හිතන්නවත් බැහැ. සැතපුමෙන් සැතපුමට අපට දන්සල් දැකගන්න පුළුවන්. පොසොන් උත්සවයට පමණක් දන්සල් විසි දහසක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දන්සල් පැවැත්වීම හොඳ දෙයක්. අපි පසුකර පැමිණියේ අමාරු යුගයක්.මම රට භාරගන්නා විට පොහොර ගේන්න මුදල් තිබුණේ නැහැ.බෙහෙත් ගන්න මුදල් තිබුණේ නැහැ.ඉන්ධන ගන්න මුදල් තිබුණේ නැහැ.තව ටික කලක් ගියා නම් සබන් ගන්නවත් මුදල් නැති වෙන්න තිබුණා.

මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න තිබූ එකම මාර්ගය කෘෂිකර්මයයි.ඒ පිහිටෙන් 2022- 2023 වසර වල යල කන්නය සාර්ථක කරගන්නට හැකි වුණා. එමෙන්ම 2023 වසරේ හොඳ මහකන්නයක් තිබුණා.එමෙන්ම 2024 වසරේත් හොඳ මහ කන්නයක් ලබාගන්නට හැකි වුණා.ඒ අනුව රටේ ආර්ථිකය නංවන්නට හැකි වුණා. සංචාරකයන් එන්නට පෙර අපේ ගොවි මහතුන් ඒ වැඩකටයුත්ත කරලා දුන්නා. අප එය අමතක කරන්නේ නැහැ. ඒ පිහිටෙන් මේ වසරේ අවසානයට හොඳ යල කන්නේකුත් ලබාගන්න හැකිවේවි.

ඒ නිසා අප ගොවි මහතුන්ට හැකි පමණින් උදව් කරනවා. ඉඩම් සංවර්ධන පනතේ බලපත්‍ර යටතේ ඉඩම් ලබා දී තිබෙනවා නම් ඒ සියල්ලම සින්නක්කර ඔප්පු බවට පත් කරනවා. බලපත්‍ර ලබා දී තිබෙන ඉඩම් මනින්නට සිදුවෙනවා මිනින්දෝරුවන් සීමා සහිතයි. එකම ප්‍රශ්නය එයයි. තමන්ට අයිති ඉඩම වගා කරන්නට ජනතාව කටයුතු කළ යුතුයි. ඒ සඳහා අප කෘෂි නවීකරණ වැඩසටහන් හඳුන්වා දෙනවා.හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම අප කෘෂි නවීකරණ වැඩසටහන් අරඹනවා. එදා මේ රට ගොඩගන්නට ගොවි මහතුන් කළ සේවය මා කිසිවිටක අමතක කර නැහැ.

එමෙන්ම අපේ ආගමික වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා සියලුම උපකාර කරනවා. අප හිතුවාට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් පිට වෙන්නට උත්සාහ කරමින් සිටිනවා. ඊට වැඩි කල් නැහැ. ඒ වෙනුවෙන් පහළ මල්වතු ඔය ජලාශයේ සියලු වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනවා. ඒ සඳහා කඩිනමින් මුදල් ලබා දෙන්නම්. සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූයේ මල්වතු ඔය ආශ්‍රිතවයි.ඒ නිසා මේ ප්‍රදේශය දියුණු කිරීම අපේ යුතුකමක්යැයි ජනාධිපතිවරයා කීය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...