spot_img
spot_img

බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපලා

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ඉදිරියේදීම දෝෂාරෝපණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවනවා.

ආණ්ඩුවේ අලුත් සන්ධානයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැමිණිය යුතු නමුත් රාජපක්ෂවරුන් පැත්තකින් සිටිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

රාජපක්ෂවරුන් නායකත්වය නොදරන පොහොට්ටු පක්ෂයේ සහභාගිත්වය ඇති පුළුල් සන්ධානයකට ඉඩ දෙන ලෙසට ඉල්ලීමක් සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශවයන්ගෙන් ඉදිරිපත්ව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී ආවේගශීලීව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට පිළිතුරු දී ඇති බවටයි ප්වසෙන්නේ.

රාජපක්ෂවරුන් පාලනය කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බවත් ඔහේට අපිව එකවරක් එපා නම් අපිට ඔහෙ ඒවා සිය වතාවක් එපා යයි යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් ආරංචි මාර්ගවලින් පවසේන්බා බවටයි වාර්තා වන්නේ.

මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර වුවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔහුට හිතවත් ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුට හිතවත් පිරිසක්ද කැඳවා තිබිණ. බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන්ද අප්‍රසාදය පළ කර ඇතැයි දැනගන්නට ලැබෙනවා.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ පසුගිය 17 වැනිදා සඳුදා දිනයේදීයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් වරයාගෙන් විමසු අවස්ථාවේ ඔහු සදහන් කළේ එම මාධ්‍ය වාර්තා අසත්‍ය බවටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...