spot_img
spot_img

ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා – කොටි ගානක මහන්සිය අපතේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගියවන්න මහතා පවසන්නේ රුපියල් කෝටි 1700 කින් ස්ථාපනය කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියද මේ වනවිට ක්‍රියාත්මක නැති බවයි.

බොහෝ රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලින් වැඩක් වී නැතැයිද ඔහු සඳහන් කළා..

රාජ්‍ය ආයතනය කාර්යක්ෂම කිරීම සහ ආදායම වැඩිකර ගැනීම සඳහා ඩිඩිජල්කරණය ඉතා වැදගත් වුවත් ඒවා විධිමත් ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවද අලගියවන්න මහතා පෙන්වා දුන්නා.

බොහෝ ආයතන වල දත්ත පද්ධති අකර්මන්‍ය වීමෙන් ජනතා සේවයට බාධා මතුව ඇති බව විගණන වාර්තා පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...