spot_img
spot_img

දරුවන්ට යළි දුක් විඳීමට නොදෙන බව ජනපති කියයි

දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 5 – 10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ කිසිදු දරුවෙකුට දුක්විඳීමට ඉඩ නොතබන බවයි.

පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා

මේ සඳහා ජනාධිපති අරමුදලෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 4ක්.

“2022 – 2023 අපි ඔක්කෝටම අමාරු කාලයක් තිබුණේ. අපි හුඟාක් දුක්වින්ඳා. සමහර විට ආහාර වේලක් නැතිව ගියා. සමහර විට පාසලට යන්න බස්රථයක් වාහනයක් තිබුණේ නෑ. දැන් ඒ කාලේ ඉවරයි. මම තීරණය කළා ජනාධිපති වුණාම මේ දරුවන් දුක්විඳින්න ඕනේ නෑ කියලා. පුළුවන් ඉක්මනින් මේකෙන් ගොඩවෙන්න ඕනේ කියලා. ඒ අනුව තමා 2024 අවුරුද්ද වෙනකොට රටේ බංකොලොත්භාවය නැති කරලා, ඊට වඩා හොඳ රටක් දෙන්න ඉන්නේ. අපි පුළුවන් විදියට උදව් කරන්න බලාපොරොත්තු වුණා. පළමු වැන්න අදායම. බොහෝදෙනෙක්ගේ ආදායම් නැතිවුණා. ඒ අනුව අස්වැසුම වැඩසටහනින් පවුල් ලක්ෂ 24කට ආදායම් දුන්නා. දෙවැන්න අයිතිය. ගොඩක් අයට තමන් ජීවත් වුණ ඉඩමේ, තමන් වගා කරපු ඉඩමේ, තමන් ජීවත්වුණ තට්ටු නිවාසයේ අයිතිය තිබුණේ නෑ. ඒ හැම එකේම අයිතිය අපි ජනතාවට දීලා තියෙන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...