spot_img
spot_img

පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළා.

අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවා.

මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 20,000කට ආසන්න පිරිසක් රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ අනුරාධපුර නගරය අපවිත්‍ර නොකර වන්දනාමාන කටයුතු සිදුකරගන්නා ලෙසයි.

මේ අතර පොසොන් පොහොයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන හොල්මන් මන්දිර වැනි දෑ තහනම් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරෝතු වන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කළා.

ඔහු පෙන්වාදෙන්නේ අදාළ වැඩසටහන් මඟින් පොසොන් පොහොයේ මූලික අරමුණට හානි සිදුවන බවයි.

එවැනි බෞද්ධාගමට පටහැනි වැඩසටහන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව අද දිනයේ නීති උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර හිටපු ආමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පිහටවනු ලැබූ ගාමිණි ජයවික්‍රම පදනම විසින් මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ලේ දන්දීමේ පුන්‍යකර්මයක් සංවිධානය කර තිබෙනවා.
බෝපිටිය සුදර්ශනාරාම පුරාණ විහාරයේදී ජුනි 22 පෙරවරු 09.00ට මෙම කටයුත්ත ආරම්භ කිරීමට නියමිතයි.
ගැමි ජය පදනම විසින් මෙය සංවිධානය කරනු ලබනවා.
ඔබත් පැමිණ ලේ බිදක් දන්දෙන ලෙසට ගැමි ජය පදනම සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...