පොල් වගාවට හානි කරන රිළවුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග නිකුත් කරන උපකරණයක් ශ්‍රි ලංකා පොල් පර්යේෂණායතනය සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
පොල් අස්වැන්නට රිළවුන් දැඩි හානියක් සිදු කරන බැවින් දීර්ග කලක් තිස්සේ විවිද අත්හදා බැලීම් සිදුකිරීමෙන් පසුවම් මෙම උපකරණය නිපදවා ඇති බවටයි පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ.
මෙම උපකරණය යොදා ගැනීමෙන් එම හානිය වළක්වා ගත හැකි බවට පැවසූ ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම උපකරණය අනෙක් වගාවන් සහ ගෙවතු ආරක්ෂා කරගැනීම සදහාද යෝග්‍ය ප්‍රදේශ සදහා අත්හදා බැලීමේ සුදානමක්ද පවතින බවයි.




