spot_img
spot_img

නිදා සිටියදී අවදි කළැයි කොස්තාපල්ට වෙඩි තියන්න හදලා

කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීමට තැත් කලයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප සේවක රාජකාරියේ සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කළා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරියේ යෙදී සිටි අවුරුදු විසි තුනක කොස්තාපල්වරයක්.

පැමිණිල්ලක් කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු අළුයම 5.40 ට පමණ කහ තුඩුවට පොලිසියට පැමිණ තිබූ අතර එහිදී උප සේවක රාජකාරියේ කටයුතු කළ කොස්තාපල්වරයා රාජකාරී පුටුවේම නිදාගෙන සිට තිබෙනවා.

එම අවස්ථාවේදී දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයෙකු විසින් උප සේවක රාජකාරියේ සිටි නිලධාරියා අවදි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව දුරකථන ක්‍රියාකරු ලෙස සිටි කොස්තාපල්වරයා අවශ්‍යතාවක් සඳහා තනිකඩ බට නිවාසයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී උප සේවක ලෙස රාජකාරී කළ කොස්තාපල්වරයා පිස්තෝලයක් ද රැගෙන පරුෂ වචනයෙන් බැණ වදිමින් එම නිලධාරියා දෙසට ගිනි අවිය එල්ල කර ඇති බව පොලිසිය පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...