හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමින්.
වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමට ලක් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.




