spot_img
spot_img

ජනාධිපතිවරණයට ඡන්දදායකයන් ලක්ෂ 2ක් වැඩිවෙලා

ඉදිරි ජනාධිපතිවරණය 2024 නව ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ලබන ජූලි 15 වැනිදා වනවිට අවසන් ලේඛනයට අත්සන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටී.

2023 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව මෙවර නව ඡන්දදායකයන් ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇති බවට මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.

ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන මස 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට ලැබෙන අතර, එම මස අගදී බොහෝදුරට ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...