අරගලයෙන් සන්ධානයක් එළිදැක්වීම අද | ලහිරු හෝ වසන්ත මුදලිගේ මැතිසබයට
ජන අරගලයට එක්වූ පාර්ශ්ව ගණනාවක් සහ වාමාංශික දේශපාලන පක්ෂ එක්ව ගොඩනඟන නව සන්ධානය අද (19දා) එළිදැක්වීමට නියමිතයි.
මෙම නව සන්ධානය ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණවලට ඉදිරිපත් වන බව එහි ප්රකාශකයෙක් අප සමග සදහන් කළා.
එම නව සන්ධානය අද උදෑසන 10.30ට කොළඹ 07, විජේරාම මාවතේ සිංහ සමාජ ශාලාවේදී ප්රකාශයට පත් කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.
සමාජවාදී ජනතා සංසදය, නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම අරගලයේ ක්රියාකාරීන් වූ වසන්ත මුදලිගේ, නුවන් බෝපගේ, ලහිරු වීරසේකර, ස්වස්තිකා අරුල්ලිංගම්, ආචාර්ය කල්ප රාජපක්ෂ යන අය ඇතුළු පිරිසක් ද මෙම සන්ධානයට ඇතුළත් වනවා.




