ආණ්ඩුවට කත් අදින තෝරා ගත් මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුව කෝටි දහය ගාණේ විමධ්‍යගත අරමුදල් ලබාදී ඇති බවත් කොටසකට පමණක් සලකන මේ ක්‍රමවේදය නවතා සියලුම මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසුවා.
මේ සභාවේ සිටින අනෙක් සියලු දෙනාත් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන් බවත් ඒ අයටද ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට අයිතියක් ඇති බවත් හෙතෙම අවධාරණය කර සිටියා.
ඔහු මෙසේ පැවසූයේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.




