spot_img
spot_img

නීතිපති ගැන ජනාධිපතිගේ නිර්දේශය ප්‍රතික්ෂේපයි

නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කර ඇති නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේදී අද පස්වරු 2 ට රැස්වුණා.

නීතිපතිවරයාගේ සේවා දීර්ඝයය පිළිබඳ ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුවත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වුණා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ පැවති ජන්ද විමසිමේදි යෝජනාවට විරුද්ධව ජන්ද 5ක් හිමිවු බවත් පක්ෂව හිමි වි ඇත්තේ ජන්ද 3 ක් පමණක් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර තිබුණේ, නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31වනතෙක් සේවා දීර්ඝයක් ලබාදීමටයි.

ඒ අනුව නීතිපති රාජරත්නම්ගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...