spot_img
spot_img

ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කෙරෙයි

එස්ටෝනියා කණ්ඩායමේ සාහිල් චව්හාන් ලොව වේගවත්ම T20 ශතකය රැස්කළ ක්‍රීඩකයා බවට පත් වුණා.

ඒ සයිප්‍රස් කණ්ඩායමට එරෙහිව පන්දු 27කදී සිය ශතකය වාර්තා කරමින්.

මීට පෙර ලොව වේගවත්ම T20 ශතකය වාර්තා කර සිටියේ නැමීබියාවේ Jan-Nicol Loftie Eaton ය. ඔහු පන්දු 33කින් සිය ශතකය වාර්තා කළේය. ඔහුගේ ලෝක වාර්තාව පැවතියේ මාස 4ක් පමණි.

සයිප්‍රස් කණ්ඩායම සහ එස්ටෝනියාව අතර මෙම 20යි 20 තරගය ඊයේ (17) පැවැත්වුණේ සයිප්‍රසයේ Episkopi හීදීය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සයිප්‍රස් කණ්ඩායම පන්දු ඕවර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 191ක් රැස් කළේය.

සයිප්‍රසය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනෙක් ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

බුද්ධික මහේෂ්, මංගල ගුණසේකර, චමල් සඳුන්, අකිල කලුගල සහ සචිත්‍ර පතිරණ එම ක්‍රීඩකයින් වෙයි.

ඊට පිළිතුරු ලෙස එස්ටෝනියා කණ්ඩායම පන්දු ඕවර 13කදී කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබාගනිමින් තරගය පහසුවෙන් ජයගත්තේය.

එහිදී චව්හාන් පන්දු 41කදී නොදැවී ලකුණු 144යි.

ඊට 4 පහර 6ක් සහ 6 පහර 18ක් ඇතුළත් විය.

එම 6 පහර සංඛ්‍යාව ද 20යි 20 පිටියේ ලෝක වාර්තාවකි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...