spot_img
spot_img

දේපළ බද්දෙන් වැඩි අවධානය ඉහළ වත්කම් ඇති අය දෙසටයි – මුදල් අමාත්‍යාංශය

2025 වසරේ අප්‍රේල් සිට බලාත්මක කිරීමට නියමිත දේපළ බද්ද තුළින් අවධානය යොමු කරනුයේ සාමාන්‍ය ආදායම් ලබන්නන් නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව මුදල් අමාත්‍යාංශය ඊයේ (17දා) නිකුත් කර ඇති නිවේදනයක සදහන්.

2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%ක සහ 2026 සමස්ත වර්ෂයට දළ දේශීය නිෂ්පාදිතයන් 0.4%ක ආදායමක් මෙම බද්ද පැනවීම මඟින් අපේක්ෂා කරන බවද එහි සඳහන් වේ. තවද ලබන වසරේ ආදායම් ඉලක්ක කරගැනීමට උපකාර වන ප්‍රධාන ආදායම් ක්‍රමවේදය දේපළ මත වන ධන බද්දක් බවත් එය IMF වැඩසටහන මගින් යෝජනා කරන ලද බවත් එහි සඳහන් වේ. ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයන්ට අයත් දේපළ මත බද්ද තහවුරු කරමින් සුදුසු බදු සීමාවන් පැනවීම හරහා යෝජිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම ද මෙහිලා අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීරණ මූල්‍ය පහසුකම් වැඩසටහන සම්බන්ධව මෑතකදී ප්‍රකාශ වී ඇති ලියවිල්ලේ සඳහන් කුලී ආරෝපිත බද්ද පිළිබඳ කරුණු දක්වමින් මුදල් අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...