spot_img
spot_img

ගුරුවරුන්ගේ ඉල්ලීම් දෙන්න බැරිම තැන ළමයින්ට නව මාවතක්

එක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් හා එමඟින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ දී පැවැති සමස්ත ලංකා පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ පාසල් පෝස්ටර් චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන දැනුම් සමාජයේ නව ප්‍රවණතා පිළිබඳ යථා අවබෝධයකින් තොර ව සමාජයේ ඉදිරියට යා නොහැකි බවත් මේ බව ප්‍රධාන වශයෙන් ම ගුරුවරුන් හා වැඩිහිටියන් අවබෝධ කරගත යුතු බවයි.

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එක ම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන් ම දැනුම සොයා ගොස් යාවත්කාලීන කරගනිමින් සිසුන්ට අවශ්‍ය නව දැනුම ලබා දීමේ නිපුණතා ළඟා කරගැනීමට ගුරුවරුන් දක්ෂ ලෙස ක්‍රියාකාරී විය යුතු බවත් ඒ තත්ත්වය මනා ව වටහා ගෙන දරුවන් වෙනුවෙන් වෙනස් වීමට සූදානම් විය යුතු බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී වැඩිදුරටත් සදහන් කළා.

වෙනස් වන ලෝකය හා අධ්‍යාපන ක්‍රමවලට අනුව තමන් වෙනස් නොවී පරිසරය හෝ ලෝකය වෙනස් කරන්නට යෑම ඵලරහිත ක්‍රියාවක් බවත් මෙවැනි අවබෝධයකින් තොර අයෝග්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තව වසර කිහිපයකට වඩා ඉදිරියට යා නොහැකි බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...