අමෙරිකාවේ බාර්ක් එයාර් ගුවන් සේවය කියන්නේ සුනඛ සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයක්.
එහි මංගල ගුවන් ගමන යෙදුණේ පසුගිය මැයි මාසයේදීයි.
මෙතෙක් බාර්ක් එයාර් හි ගමනාන්ත නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ ලන්ඩන් දක්වා සීමා වී තිබුණා.
එය ගමනාන්ත පහක් දක්වා පුළුල් කිරීමට බාර්ක් එයාර්ලයින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලා.
ප්‍රංශයේ පැරීසිය, චිකාගෝ, සැන් ෆ්රැන්සිස්කෝ, ෆීනික්ස් සහ මියාමි නව ගමනාන්තයි.
එමෙන්ම නව ගමන් මාර්ග 7ක් ද සැපයීමට සැලසුම් කර ඇතැයි සඳහන්.
එහිදී සුනඛ සුරතලුන්ට පළමු පන්තියේ සේවාවක් හිමි වනවා.
බාර්ක් එයාර් සමග ගුවන් සංචාරයේ යෙදෙන සුනඛ සුරතලුන්ට ෂැම්පේන් පානය කිරීමටත්, සම්බාහන අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.
නව ගමනාන්ත වෙන් කර ගැනීම DogsFlyFirst.com වෙබ් අඩවිය හරහා සිදුකර ගැනීමට හැකියාව පවතිනවා.
එහි පළමු ගමන් වාරය ඔක්තෝබර් මාසයේදී සැලසුම් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.





