සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා මන්ත්‍රීවරුන් 100කගේ පමණ එකමුතුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
ඉකුත් සෙනසුරාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සේනාරත්න මහතා සදහන් කළේ තමන් නියෝජනය කරන කණ්ඩායම සහ රනිල් වික්‍රමසිංහ එකම ස්ථාවරයක සිටින බවත්, රට ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට සහාය දෙන බවත්ය. එමනිසා තමන් ද්‍රෝහියෙකු ලෙස සැළකීමට අවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් දේශපාලන විචාරකයින් පවසන්නේ රාජිත සේනාරත්න මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමේ කාර්ය මේවන විට සිදු කරමින් පවතින බවටයි.




