ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි වීමේ සම්පූර්ණ වගකීම තමා ඇතුළු කණ්ඩායම භාරගන්නා බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවා.
ඒ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඊයේ පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් පසු පැවති ප්‍රවෘත්ති සාකච්චාවකින් අනතුරුවයි.
එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ වනිඳු හසරංග :
“ඇත්තටම ගොඩක් කනගාටුයි මුලින්ම කියන්න ඕනේ. කණ්ඩායමක් විදිහට අපේ කණ්ඩායම කොච්චර හොඳ කණ්ඩායමක්ද කියලා. ඒත් අපේ අවාසනාවට අපේ ඒ ගේම් එක් මුල් තරගවලට ගෙනාවේ නෑ. මේ තරගය ජයග්‍රහණය කරනකොට අපි පරක්කු වැඩියි. ගිය ලෝක කුසලානෙත් මේ ලෝක කුසලානෙත් අපි අපේ අඩුපාඩු ගැන කථා කළා. තවමත් අපි ඒවා හදාගෙන නැහැ. පරාජය වුණාම අපිට තණතීරුවලට සහ විවිධ දේවල්වලට කතන්දර කියන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ක්‍රිකටස්ලා විදිහට අපිට හොඳ නැති දෙයක්. අනිත් රටේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නෙත් ඒ තණතීරුවේ. ඒ නිසා අපිත් හැඩගැහෙන්න ඕනේ. කණ්ඩායමක් විදිහට සහ නායකයා විදිහට සම්පූර්ණ වගකීම මම ඇතුළු කණ්ඩායම භාරගන්නවා.”




