spot_img
spot_img

මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 දක්වා වැඩිවෙලා

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසනවා.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති මෙම රෝගී තත්ත්වය ඇති කරන මාංශපේෂී දිය කරන එසේත් නැතිනම් කා දමන බැක්ටීරියාව ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බවටයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණ වනවා. ඉන්පසු උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂය ඉන්පසුව ඇතිවනවා.

ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් රෝගී තත්ත්වය ඇති කරන මෙම බැක්ටීරියාව ස්ට්‍රෙප්ටෝකොකල් කාණ්ඩයට අයත්. මෙම කාණ්ඩයේ බැක්ටීරියා මාරක ඒවා ලෙසයි සැලකෙන්නේ.

මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළු වී මාංශපේෂී අතරේ පැතිරෙනවා. ඉන්පසු එය රුධිරයට ඇතුළු වනවා. ඒ, බැක්ටීරියාවේ විෂ සිරුරට මුදා හරිමිනි.

බැක්ටීරියා පැතිරීම වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන තමන් ද දැඩි අවදානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී හොඳ පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකියාව පවතිනවා.

මෙම බැක්ටීරියාවා ආසදනය වී පැය 48 ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන බව ද පැවැසෙයි. මරණ සම්භාවිතාව සියයට 30 කි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...