spot_img
spot_img

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 2,000කට මුද්‍රා තැබේ

අලෙවි කිරීමට සුදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට ත්‍රිකුණාමලය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබෙනවා.

එම සහල් සාම්පල සහ සහල් තොග රැස්කර ගෙන සිටි සහල් මෝල් හිමියා එළැඹෙන 20 වැනිදා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්තලේ නගරයේ පිහිටි සහල් වෙළෙඳ සැලකින් පසුගිය දිනක පාරිභෝගිකයෙකු සහල් මිලදී ගෙන තිබෙනවා.

එම සහල්වල ගුල්ලන් සිටි බව නිරීක්ෂණය වී තිබුණේ එම සහල් නිවසට රැගෙන විත් පිසීමට සූදානම් කරන අවස්ථාවේදීයි.

වැඩි දුරටත් එම සහල් පරීක්ෂා කිරීමේදී දක්නට ලැබී ඇත්තේ එම සහල් තුළ පණු කැදලි ද සමග පණුවන් සිටින ආකාරයයි.

ඒ අනුව ත්‍රිකුණාමලය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කන්තලේ නගරයේ පිහිටි එම සහල් වෙළෙඳ සැලට සහල් ලබා දුන් කන්තලේ වාන් ඇළ ප්‍රදේශයේ පිහිටි සහල් මෝල වටලනු ලැබුවා.

එහිදී අනාවරණ වුණේ මෙම සහල් මෝල තුළ සහල් නිෂ්පාදනය කිරීම වෙනුවට යාපනය සහ පොලොන්නරුව වැනි ප්‍රදේශවලින් සහල් ගෙනැවිත් යළි අසුරා වෙළෙඳ පොළට නිකුත් කරන බවයි.

මෙම ස්ථානයේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000ක් සොයාගනු ලැබුවා.

පරිභෝජනයට නුසුදුසු මෙම සහල් තොග සඳහා පාරි භෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තැබූ අතර සහල් තොග සාම්පල සහ මෝල් හිමියා ලබන 20 වැනිදා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...