spot_img
spot_img

මුස්ලිම් බැතිමතුන් හජ් ආගමික උත්සවය සමරයි

ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන ඊද්උල්අල්හා හෙවත් හජ් උත්සවය අදට (17) යෙදී තිබෙනවා.

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් ලෝකවාසී ජනතවට සාමයේ පණිවුඩය රැගෙන යාම මෙම උත්සවයෙහි අපේක්ෂාවයි.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙනවා.

අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් ඉස්ලාම් භක්තිකයින් මෙම උත්සවය සමරනු ලබනවා.

ඉස්ලාම් බැතිමතුන් සතු පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැළකෙන්නේ ද, හජ් වන්දනාවයි.

පසුගිය සතියේ නව සද බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව, කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම හජ් උත්සවය වෙනුවෙන් අද උදෑසන ආගමික වතාවත් සිදු කෙරුණා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.

සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකන අතර ඒ සඳහා මිලියන ගණනක ඉස්ලාම් බැතිමතුන් සහභාගී වෙනවා.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බවයි.

ලෝක වාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...