සෞදි අරාබියේ මක්කම පවතින දැඩි උණුසුමත් සමඟ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 14 දෙනෙක් මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දැඩි උණුසුම හේතුවෙන් මියගිය වන්දනාකරුවන සියලු දෙනාම ජෝර්දාන පුරවැසියන් බවයි බලධාරීන් සඳහන් කළේ.
එමෙන්ම තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අතුරුදන් වූවන් සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුකරන බව ජෝර්දාන බලධාරීන් පැවසුවා.
මීට අමතරව, හජ් වන්දනාවේ පැමිණි ඉරාන වන්දනාකරුවන් පස්දෙනෙකුට ද ජීවිත අහිමිවඇති බවට තහවුරු කළ නමුත් ඔවුන් මිය ගියේ කෙසේදැයි නිශ්චිතව දක්වා නැහැ.
මේ අතර, සෞදි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධානී අයිමන් ගුලාම් පසුගිය සතියේ අනතුරු ඇඟවීම සිදුකළේ මෙම සතිය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ඉක්මවන බවටයි.
සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද උපදෙස් නිකුත් කරමින් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සජලනය වී සිටින ලෙසත්, දවසේ උණුසුම් ම වේලාවන් වන පෙරවරු 10 සිට පස්වරු 4.00 දක්වා වැඩි වශයෙන් එළිමහනේ සිටීමෙන් වළකින ලෙසයි.
පසුගිය වසරේ හජ් වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් අවම වශයෙන් 240ක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දරුණුතම හජ් ව්‍යසනය 2015 දී වාර්තා වූ අතර,එහිදී තෙරපීමකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණා.




