T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ කැනඩාව අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වනවා.
එමෙන්ම මේ වනවිට A කාණ්ඩයෙන් ඉන්දියාව සහ අමෙරිකාව සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගෙන ඇති අතර, B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව ද, C කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය ද, D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවද සුපිරි 8 තරග වටයට සුදුසුකම් ලබා සිටිනවා.




