සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි.
මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන් බෑඅත් වාර්තා වනවා.
සෞදි බලධාරීන්ට අනුව, මෙවර හජ් වන්දනාවට මිලියන 1.8 ක් සහභාගී වනවා.
සෞදි අරාබි ආරක්ෂක අංශ විසින් අධික උෂ්ණත්වය හේතුවෙන් වන්දනාකරුවන්ට සිදුවන හදිසි අසනීප තත්ත්වයන් සඳහා විශේෂයෙන් වෛද්‍ය ඒකක සහිත පුද්ගලයින් 1,600 කට වැඩි පිරිසක් සහ වේගවත් ප්‍රතිචාර කණ්ඩායම් 30 ක් මක්කම ආශ්‍රිතව යොදවා තිබෙනවා.
එමෙන්ම, තවත් සෞඛ්‍ය සහ ප්‍රථමාධාර කටයුතු සඳහා ස්වේච්ඡා සේවකයන් 5,000 ක් පමණ සහභාගී වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.




