පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව අවධාරණය කරයි.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම් එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයාබලා නඩු පැවරීමට බලය ඇති විශේෂ නිලධාරියෙකු හෝ කාර්යාලයක් ස්ථාපිත කරන ලෙසයි.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ ප්‍රතිචාර දැක්වූයේ අද අගරදගුරු මැදුරේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
කොළඹ අගරදගුරු පදවිය මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා කියා සිටියේ,
“ජනපති කොමිසමේ නිර්දේශ ඉටුකරන ලෙස ඉල්ලුවා. නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ. ජනපති පත්කළ නව කමිටුව පිළිගන්නේ නැහැ. නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ, පොලිපතිවරයා මේ කමිටුව ඉදිරියේ පරීක්ෂණයට ලක්වෙනවා. ඒ අය ධුරවල තියාගෙන සාධාරණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද? මැතිවරණ ඉලක්ක කරගෙන මිනිස්සු රවට්ටන්න හදනවා. අපි යෝජනාවක් කරන්න කැමතියි රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරිය හැක්කේ නීතිපතිට. නීතිපතිවරයා දේශපාලනීකරණය වෙලා. මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා. විශේෂ නිලධාරියෙකු හා කාර්යාලයක් ස්ථාපිත කරන්න. තවදුරටත් මුදල් නාස්ති කරලා කල්මරලා වැඩක් නැහැ.”




