මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ, මේ වන විට මෙරට උපතේ දී ආයු කාලය අවුරුදු 79 ඉක්මන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී වැඩිදිරටත් අදහස් දැක්වූ ඔහු,
“අපේ රටේ වියපත් ජනගහනය එන්න එන්න වැඩිවෙනවා. ආසියාවේ ඉතා ශීඝ්‍රයෙන් වයසට යන ජනගහනයක් ඉන්න රට ශ්‍රී ලංකාව. අපේ රටේ උපතේ දී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් 79.7%ක්. අලුත් ඇස්තමේන්තුව අනුව කාන්තාවන් සඳහා අවුරුදු 83 දක්වා වැඩිවෙලා කියලා. මේ නිසා වැඩිහිටි ජනගහනය එන්න එන්න වැඩිවෙනවා. ඒක අපිට තියෙන තව ප්‍රශ්නයක්. ඒ නිසා අපි විශාල ප්‍රතිසංස්කරණයක් ප්‍රාථමික සෞඛ්‍ය ආයතනවල කරගෙන යනවා ඉදිරි අවුරුදු 5 ඇතුළත. ඒ සඳහා බිලියන 70ක පමණ මුදල් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු පළාත්සභා රෝහලුත් ඇතුළුව. ඒ වගේම රෝග ආවේක්ෂණය තවත් ශක්තිමත් කළ යුතුය. ඒ අනුව අපි වසංගත රෝග විද්‍යා ඒකකය වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක නව වැඩපිළිවෙලක් යටතේ සිදුකරනවා.”
එම මාධ්‍ය හමුවට එක් වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ මෙරට පැවති ඖෂධ හිඟය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.




