Saturday, June 6, 2026
spot_img
spot_img

තැපැල් සේවකයින් අද සිට ලෙඩ වෙයි

තැපැල් සේවකයින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඒ, සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමිනි.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තු කටයුතු සිදු කිරීමට බධා මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප තැපැල්පති රුවන් සත්කුමාර් මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔහු පැවසුවේ, සේවකයින් බඳවා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් විසඳුම් ලැබී නැතැයි තැපැල්පතිවරයා පැවසීය.

මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වැඩ වර්ජනය ද අඛණ්ඩව සිදු කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සන්ධානය පවසයි.

විද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් එම තීරණය ගත් බවයි.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 43 කි.

වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇත.

තව ද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 8 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

එහි සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත නොකිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මේ හේතුවෙන් ග්‍රාමීය මාර්ග හා පාලම් ව්‍යපෘතියේ කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර රජයේ මිනින්දෝරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

එහි සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් උරුමය ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළට බාධා මතුව ඇතිවන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...