Friday, June 5, 2026
spot_img
spot_img

රුසියානු විදේශ ඇමතිගෙන් පොරොන්දුවක්

මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එම හමුවේදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

එමෙන්ම මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සබ්රි මහතා අදහස් දක්වා ඇති අතර ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ඔහු රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණා.

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බවට රුසියානු විදේශ අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.

එළැඹෙන ජූනි 26-27 දිනවල ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් රුසියානු බලධාරීන් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...