Friday, June 5, 2026
spot_img
spot_img

ඩෙංගු අධි අවදානම් තත්ත්වය ඉහළට

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ ගණන 25,891කි.

මෙම කාලය තුළ ඩෙංගු මරණ ද 9ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.

ඒ අනුව ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ද 14 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 5,624ක් වේ.

ඉන්පසු වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3,930කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,487ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,986ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,441ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,372ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...