Thursday, June 4, 2026
spot_img
spot_img

කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම රිට් පෙත්සම ගොනු කර තිබුණා.

ඒ අනුව, අදාළ ඉල්ලීම සලකාබැලීම සඳහා එම පෙත්සම අද අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළේ, එහිදී අදාළ පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන බවයි.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 25 වනදා විභාගයට ගැනීමට නියම කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...