Friday, June 5, 2026
spot_img
spot_img

ස්වාධීන අපේක්ෂයෙක් හැටියට රනිල් ඉදිරිපත් වෙනවා – ආශු මාරසිංහ

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා නිසැක වශයෙන්ම ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ නව දේශපාලන කාර්යාලය ඊයේ (06) කොළඹදී විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“ජනාධිපතිවරයා හැටියට ආර්ථිකය හසුරුවනවන ගමන් රනිල් වික්‍රමසිංහ දේශපාලඥයෙක් හැටියට එතුමාගේ දේශපාලන කාර්යාලය අද විවෘත කළා. මුලින්ම තියෙන්නේ ජනාධිපතිවරයණය. මෙක ජනාධිපතිතුමත් සෑම තැනකම කියලා තියෙනවා ජනාධිපතිවරණයට තමයි අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා. ජනාධිපතිවරණය ඔක්තෝබර් 17ට කලින් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඔක්තෝබර් මාසයේ පළවෙනි සෙනසුරාදා හෝ දෙවෙනි සෙනසුරාදා ඔය දෙකෙන් එකක තියෙයි. එතුමා ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට එනවා. ඒක අපි ස්ථීරවම කියනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...